31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචක්කරේ පාඩම් නොකළ සිසුවියට ගුරුවරයාගෙන් ලැබුණු දඬුවම

චක්කරේ පාඩම් නොකළ සිසුවියට ගුරුවරයාගෙන් ලැබුණු දඬුවම

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි පාසලක අටවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක චක්කරේ පාඩම් නොකිරීම  සහ පැවරූ වැඩ නොකළැයි කියමින් ඉදල් මිටකින් පහර දී ඇතැයි පොලිසිය කියයි.

එම පාසලේ ගණිත ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ල ලැබුණු බව ද ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

පහරකෑමට ලක් වූ සිසුවිය ද කැටුව පැමිණ ඇයගේ මව විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

සිසුවියගෙන් ද මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් පොලිසිය විසින් ලබාගෙන තිබේ.

පැමිණිලිකාර පාර්ශ්වය සහ සිසුවියට පහර දුන් බව කියන ගණිත ගුරුවරයා ද කැඳවා මෙම පැමිණිල්ල විභාග කිරීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු යොදා ඇත.