28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙවෝන් ඇල්ලෙන් පැන්න සිව්දරු මව සොයා මෙහෙයුමක්

ඩෙවෝන් ඇල්ලෙන් පැන්න සිව්දරු මව සොයා මෙහෙයුමක්

පවුල් ආරවුලක් හේතුවෙන් පැමිණිල්ලක් කිරීමට දිඹුලපතන පොලිසියට පැමිණ සිටියදී ඩොවොන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වූ සිව් දරු මව සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

අද දහවල් පොලිසිය ආසන්නයේ පිහිටි දිය ඇල්ලෙන් පැන මෙලෙස අතුරුදහන් වී ඇත්තේ බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිව්දරු මවක්.

දරුවන් දෙදෙනෙකු සමග දිඹුලපතන පොලිසියට පැමිණි මෙම කාන්තාව පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් එම දරුවාට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට බීමට වතුර වීදුරුවක් රැගෙන එන ලෙසටයි.

දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග මෙම කාන්තාව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියාසිටියේ.

ඇය සමග ගිය දරුවා යළි පොලිසිය වෙත දිවගොස් මව දිය ඇල්ලෙන් පහලට පැන්න බව දැනුම් දී ඇති අතර ඒ අනුව එම මව සොයා දිඹුලපතන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම කාන්තාව සෙවීමේ මෙහෙයුම්වලට ද බාධා මතුවී ඇතැයි සඳහන්.