28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතහනම පැත්තක දමා අමාත්‍යාංශයකට පිරිසක් අලුතින් බඳවා ගන්න යයි ?

තහනම පැත්තක දමා අමාත්‍යාංශයකට පිරිසක් අලුතින් බඳවා ගන්න යයි ?

රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අවස්ථාවක ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එසේ බදවා ගනු ලබන සේවකයන් අතරට නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

එම අධිකාරියේ දැනටමත් ඉතා විශාල සේවක පිරිසක් අතිරික්තව සිටින බවත් එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බව එම ආයතනයේ සේවකයෝද සඳහන් කරති.