31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර 54ක් සොරාගෙන

නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර 54ක් සොරාගෙන

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගෑස් සිලින්ඩර  54ක් කිසිවකු විසින් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ගෑස්  සිලින්ඩර තොගය සොරා ගත් නිශ්චිත දිනයක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගෑස් සිලින්ඩර තොගයේ වටිනාකම රුපියල් 4, 32,000 බව පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඊයේ (21) ඒ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.