31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් තුල කැපුම් තුවාල සහිත මළ සිරුරු 5ක් 

නිවසක් තුල කැපුම් තුවාල සහිත මළ සිරුරු 5ක් 

යාපනය ඩෙල්ෆ් දූපතේ නිවසක් තුල බරපතල කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එහි සිටි බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බව සඳහන් .

මියගිය හතරෙදනා අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු වනවා.

කවුරුන් විසින් මෙම ඝාතන සිදු කර ඇත් ද යන්න සහ කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සැකකරුවන් සම්බන්ධයෙන් ද නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළිවී නොමැති අතර ඩෙල්ෆ් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අද අලුයම කිසියම් පිරිසක් විසින් මෙම ඝාතනයන් සිදු කර ඇති බවටයි.

මියගිය අය අතරින් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව සඳහන්.

අනෙක් තුන් දෙනා අතරින් අයෙක් ව්‍යාපාරිකයෙක් බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. බරපතල තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාව ද විදෙස් ගතව සිට පැමිණි අයෙක්.