27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිළිකාවලට ගොදුරු වන්නන් ගැන අනාවරණයක්

පිළිකාවලට ගොදුරු වන්නන් ගැන අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ, පසුගිය වසර තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක් වාර්තා වී ඇති බවයි.

පිළිකා මර්දන වැඩසටහනනේ ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,200ක පමණ පිරිසක්ද වාර්තාවන බවය.

කාන්තාවන් තුළ බහුලවම ඇති පිළිකා රෝගය ලෙස වාර්තා වන්නේ පියයුරු පිළිකාව බවත් දෙවනුවට තෛරොයිඩ් ග්‍රාන්ථි පිළිකාව. තෙවනුවට මහා අන්ත්‍ර හෝ ගුද මාර්ග පිළිකාව බවත් ඔහු පැවසුවා.

අවුරුද්දකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 5,200ක වාර්තා වන

පිරිමින්ගේ පළවෙනියට තියෙන්නේ මුඛ පිළිකාව වන අතර 2,400ක් විතර අලුතින් හඳුනගන්නා බව ඔහු පැවසීය.

ඉන්පසු පෙනහලු පිළිකාවත් තුන්වෙනියට මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාව සහිත පිරිමි රෝගීන් හමුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.