28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිව්දරු මවක් ඩෙවොන් දිය ඇල්ලෙන් පනී

සිව්දරු මවක් ඩෙවොන් දිය ඇල්ලෙන් පනී

පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල – පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකීරිමට පැමිණි කාන්තාවක් පොලිසිය ආසන්නයේ පිහිටි ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වනවා.

සිව්දරු මවක් වන මෙම කාන්තාව අද (22) පෙරවරුවේ මෙලෙස ඇල්ලෙන් පහළට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඩොවොන් දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට දරුවන් දෙදෙනෙකු සමඟ පොලිසියට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව මෙම කාන්තාව පැමිණිල්ල සිදුකර එක් දරුවෙකු සමඟ දිය ඇල්ල අසලට ගොස් ඇති අතර, තමන්ට බීමට වතුර ටිකක් රැගෙන එන ලෙස එහිදී ඇය දරුවාට පවසා තිබෙනවා.

ඒ, අනුව දරුවා එම ස්ථානයෙන් පිටව ගිය පසු ඇය මෙලෙස දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මව සමඟ ගිය දරුවා ආපසු පොලිසිය වෙත දිවගොස් සිය මව දිය ඇල්ලෙන් පහළට පැන්න බවට පොලිස් නිලධාරීන් දැනුම්වත් කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් එහි පැමිණ විමර්ශන ආරම්භකර ඇති අතර, දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන් වූ අදාළ කාන්තාව සොයා තවමත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.