25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළි ඇරඹෙයි

අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළි ඇරඹෙයි

ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා දමා තිබූ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙනුයි එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගනු ලැබුවේ.

සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඒ අනුව, තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේ.