26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික අමාරුකම් නිසා දෙදරු පියෙක් කෝච්චියට පනී

ආර්ථික අමාරුකම් නිසා දෙදරු පියෙක් කෝච්චියට පනී

දෙදරු පියෙක් දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ නිට්ටඹුව, පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (22) පෙරවරුවේ ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථානයන් අතර දී දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු විසින් ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මෙන්ම මිතුරන්ට ද ලියා තැබූ ලිපියක් ද ඔහුගේ මුදල් පසුම්බියේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ජීවත් වූ නිවස සින්නවීමත්, අධික ණය බරත් සමඟ පැවති ආර්ථික ගැටළු හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි හමුවූ ලිපිය කියවා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ.

එම ලිපියේ සඳහන් වන්නේ මෙවැන්නක්,

“ඔයා මාත් එක්ක අවුරුදු දාහතක් ම හැම දුක සැපක්ම විඳදරා ගත්ත ගැහැණියක්.ඒ දරා ගැනීම ගැන මම අදටත් පුදුම වෙනවා. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න මේ මගේ ගොං මෝඩ තීරණයට මට තවත් ඉවසන්න බැහැ. මං දන්න එකම දෙයක් තියෙනවා.ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි.” යනුවෙන් මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳට එම ලිපියේ ලියා තිබුණා.

“ආදරණීය සෙසදි, ඔයාට ගොඩක් බැන්නට මං ඔයාට ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න .හොඳට ඉගෙන ගන්න අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛරකරන්න එපා කියලා කියන්න බෑ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න.”