26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආසියාවේ වැඩිම දියවැඩියා රෝගීන් ශ්‍රී ලංකාවෙන්

ආසියාවේ වැඩිම දියවැඩියා රෝගීන් ශ්‍රී ලංකාවෙන්

ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැළඳී ඇති බවට එම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23%කි.

එම සමීක්ෂණය කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල විසින් සිදුකර ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියාව වැලඳී ඇති අතර එය 31%ක ප්‍රතිශතයක් බවද එම සමීක්ෂණයෙන් හෙළිව තිබේ.