28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි එක හමාරක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෝටි එක හමාරක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවයි ඊයේ (22) සවස වැටලීම සිදුකර ඇත්තේ.

කටුබැද්ද මාර්ග බාධකයේදී සැක කටයුතු ලොරියක් නතර කර පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 71යි ග්‍රෑම් 160ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු එම ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරු 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික බවයි ගණන් බලා ඇත්තේ.

ගල්කිස්ස පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.