30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගේ අත්සන හොරට ගැසූ SI රිමාන්ඩ්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගේ අත්සන හොරට ගැසූ SI රිමාන්ඩ්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස පද (23) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14 දෙනෙකු විවිධ ස්ථාන වලට මාරුකර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල
ප්‍රධානි සාගල රත්නායක විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර
තිබෙනවා.

කෙසේ වෙතත් එම ලිපිය ගැන සැක සිතූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යතාව සමිබන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන්
විමසීමක් කර ඇති බව සඳහන්.

එවැනි ලිපියක් සාගල රත්නායක විසින් පොමුකර නොතිබුණු අතර පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.