27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඥාති සොයුරන්ගේ මත්පැන් සාදය ගැටුමකින් අවසන් වෙයි - එක් අයෙක් ජීවිතක්ෂයට

ඥාති සොයුරන්ගේ මත්පැන් සාදය ගැටුමකින් අවසන් වෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇති බව මිරිහාන පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කෝට්ටේ, මිරිහාන, ගල්වල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (23) අලුයම් කාලයේ දී දෙපාර්ශ්වය මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම පිහි ඇණුම සිදුව ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධන සැකකරු මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇති බවට තොරතුරු වර්හ වනවා.

මිරිහාන මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.