― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝා+තනයට හේතුව අපරාධකරු හෙළි කරයි

ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝා+තනයට හේතුව අපරාධකරු හෙළි කරයි

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ දී පුද්ගලන් පස්දෙනෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (23) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ නිවසේ තිබූ රන් ආභරණ කොල්ල කෑමේ අරමුණින් සැකකරු විසින් මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ඝාතනයෙන් පසු කොල්ල කන ලද බවට සැක කෙරෙන රන්
මාල,වළලු සහ කරාඹු කිහිපයක් ද තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඩෙල්ෆ් පොලීසිය සමඟ උතුරු පළාත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස් කණ්ඩායම් 03ක සහභාගීත්වයෙන් සිදුකෙරුනු විශේෂ විමර්ශනයකදීයි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

51 හැවිරිදි සැකකරු යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, මොහු වසර 20ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මොහු මෙම නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවට ද තොරතුරු අනාවරනය වී ඇති බව සඳහන්.

සැකකරු නිවසේ ජීවත් වූ වයෝවෘද්ද කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුළු වූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනාගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර රන් භාණ්ඩ ද රැගෙන පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයක් මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බවයි ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.