28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදූපතක් විකිණීමට තීරණය කරයි

දූපතක් විකිණීමට තීරණය කරයි

ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් අමෙරිකානු ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය ජනාවාස රහිත දූපතක් වන අතර ශීත ඍතුවේ දී පශු සම්පත් සහ අනෙකුත් විශේෂ සඳහා ජලය සපයන පොකුණකින් සමන්විතයි.

අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් මෙම දූපත මුහුද දක්වා විහිදෙන තණකොළවලින් සහ හරිත පාෂාණවලින් සමන්විත වේ.

විශාලතම මුහුදු පක්ෂි ගහණයෙන් ද එය යුක්ත වන අතර දැනට එම දූපතේ ගොඩනැගිලි නොමැත.

එම දූපතෙහි ඉදිකිරීම් සඳහා පවතින අවස්ථා පිළිබඳව දේශීය සැලසුම් අධිකාරිය සමඟ සාකච්ඡා කරන ලෙස ගැනුම්කරුට උපදෙස් ලබා දී ඇත.