26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක තනිව සිටි කාන්තාවක් අබිරහස් ලෙස මියයයි

නිවසක තනිව සිටි කාන්තාවක් අබිරහස් ලෙස මියයයි

ඌව පරණගම පට්ටියකුඹුර ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ කාන්තාවක් අබිරහස් ලෙස නිවස තුළ මියගොස් තිබෙනවා.

ඇය පිළියන්දල ප්‍රදේශයේ සිට මීට වසර දෙකකට පමණ පෙර පට්ටියකුඹුර ප්‍රදේශයට පැමිණ තනිව ජීවත් වූ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් දින කිහිපයක සිට කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් අසල්වාසීන් නිවස පරීක්ෂා කිරීමේදීයි සිරුර හමුවී ඇත්තේ.

මළ සිරුර එම කාන්තාව ජීවත් වූ නිවසේ තිබූ බඩු භාණ්ඩ ද තැන තැන විසිර ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

වැලිමඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල මහ රෝහලට යොමු කර තිබෙනවා.

අදාළ නිවසේ බිත්තියක කිසියම් ලිපියක් ද ඇති අතර එය පසුගිය මාර්තු මස 25 වනදා ලියූ එකක් බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.