― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර සැකකරුවන් 3ක් භාරව සිටි ජේලර්ලා 3 දෙනෙකුගේ වැඩ තහනම්

බාලවයස්කාර සැකකරුවන් 3ක් භාරව සිටි ජේලර්ලා 3 දෙනෙකුගේ වැඩ තහනම්

ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝගයක් මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටින බාලවයස්කාර සැකකරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව යටත්ව වැඩතහනම් කළ බවයි.

ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

පසුගිය 18 වනදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර බාලවයස්කරුවන් තිදෙනා රැගෙන යමින් තිබූ වෑන් රථයක් අතර මඟ නවතා වෑන් රථය තුළට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවයි පැමිණිලි ලැබී ඇත්තේ.

පසුගිය පෙබරවාරි 14 වන දින වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසල් ළමුන් තිදෙනෙකුට එය නවත්වන ලෙස අවවාද කළ, 34 හැවිරිදි පුද්ගලයෙකුට හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ සිද්ධියේ සැකකාර බාලවයස්කරුවන් තිදෙනා රැගෙන යමින් තිබූ වෑන් රථයටයි මෙලෙස බඩු භාණ්ඩ ලබාදීමට කටයුතු කර තිබුනේ.