― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මූල්‍ය ගනුදෙනුවලදී තම රහස්‍ය අංක (OTP) සොරාගැනීමෙන් යම් මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟම පොලිසියට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී තිබෙනවා.

එවැනි වංචාවකට ගොදුරුවීමට අමතරව එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද ළඟම පොලිසියට හෝ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි කළ හැකි බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්වලදී එනම් පෙ.ව 8.00 සිට ප.ව 4.15 දක්වා 011-2477125 සහ 011-2477509 යන දුරකථන අංක ඇමතීමෙන් ද මේ ගැන මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි ඉදිරිපත් කරීමට හැකිව ඇත.

එසේම අදාළ සාක්ෂි වශයෙන් මුදල් තැන්පත් කළ හෝ තැන්පත් කිරීමට පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල ස්ක්‍රීන් ෂොට් යනාදිය 076-5200290 (වට්ස් ඇප්) යන දුරකථන අංකයට යොමු කරන ලෙස ද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.