29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනයේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ අය සොයා පරීක්ෂණ

යාපනයේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ අය සොයා පරීක්ෂණ

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ කාන්තාවන් ඇතුළු පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සොයා පරීක්ෂණ පවත්වන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබියදී සොයා ගැනුණේ ඊයේ (22) උදෑසන කාලයේදී යි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ තාවකාලිකව මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පදිංචිකාරිණියක් වන 78 හැවිරිදි කාන්තාවක්, යාපනය,ඩෙල්ෆ් පදිංචි 82 සහ 75 වයස්වල පසු වූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් මෙන්ම අවුරුදු 76 සහ 83 වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනෙක්.

වයස අවුරුදු 100 ක් වන කාන්තාවක් සිද්ධියෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ඝාතනය සිදුවූ ස්ථානය යාපනය කයිට්ස් මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුරු නාවික හමුදා ගිලන් බෝට්ටුවක් මගින් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියෙන් අනතුරුව සැකකරුවන්ට යාපනය ඩෙල්ෆ් දූපතෙන් පිටවී යාමට නොහැකි වන ලෙසට දූපතේ සිට යාපනය දක්වා බෝට්ටු සේවාව තාවකාලිකව නවතා දමා සැකකරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඝාතනයට අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඩෙල්ෆ් දූපත්වාසීන් ඊයේ (22) සවස විරෝධතාවයකද නිරත වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බව ද ඩෙල්ෆ් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළිවී නැහැ. පොලිසිය සඳහන් කළේ තුවාල ලබා රෝහල් ගත කළ 100 හැවිරිදි කාන්තාවගේ තත්ත්වය මේවන විට යහපත් අතට හැරී ඇති බවයි.