― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅධික උණුසුම නිසා පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්

අධික උණුසුම නිසා පාසල් සිසුන්ට මාර්ගෝපදේශ මාලාවක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සමඟ පාසල් සිසුන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට පාසල් ප්‍රධානීන් වෙත ද උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අධික උෂ්ණත්වයයන් සහිත කාලගුණික තත්ත්වයන් පවති. දහඩිය දැමීම හේතුවෙන් ඇතිවන විජලන තත්ත්වයන්ගෙන් මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඉහළ යාම මෙහි බරපතළ තත්ත්වයක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු වනවා. එමෙන්ම විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බව ද දැනුම් දෙනවා.

වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සහ වැඩිපුර ජලය පානය වඩාත් සුදුසු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. උෂ්ණත්වය අධික දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු වනවා.