― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරේ ගව රෝගය උතුරු මැදටත් එයි

උතුරේ ගව රෝගය උතුරු මැදටත් එයි

දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (23) පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසා තිබේ.

එහිදී පශු නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ මින් පෙර උතුරු පළාතේ ව්‍යාප්තව තිබූ මෙම රෝග තත්ත්වය මේ වනවිට එම පළාතේ පාලනය වී ඇති බවත් උතුරු මැද පළාතේ එම රෝග තත්ත්වයට ලක් වූ ගවයින් උතුරු මැද පළාතට නොගෙනන ලෙස පළාත් පශු අංශ ගොවීන්ට දැනුම් දී තිබුනත් උතුරු මැද පළාතේ ගොවින් එම උපදෙස් නොසළකා හැර කටයුතු කිරීම නිසා මෙම රෝග තත්ත්වය එම පළාතේ ව්‍යාප්තවීමට හේතු වූ බවයි.

එමෙන්ම මෙම රෝග තත්ත්වය වර්ධනය වීමට හා ව්‍යාප්ත වීමට හේතුව ගවයින් අතර පවතින සමීප සම්බන්ධතාවය Direct Contact ඉහළ යාම නිසා බව පශු අංශ පවසයි. විශේෂයෙන් තණකොළ බුදීම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට නිදහස් කිරීම වැනි හේතුන් නිසා සතුන් අතර සමීප සම්බන්ධතාවය ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට පුබල ලෙස බලපායි.

Capripox නැමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර කිණිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් නිසා සතුන් අතර ඉක්මනින් මෙම වෛරස රෝගය පැතිරීමට හැකියාව තිබේ.

විශේෂයෙන් මෙම රෝග තත්ත්වය නිසා ගවයින් තුළ හට ගන්නා මානසික ව්‍යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ. මෙම රෝගය සති දෙකක් වැනි කාලයක් තුළ සුවපත් වන අතර ගවයින් මියයාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. නමුත් කිරි නිෂ්පාදනයේ අඩාල වීමක් සිදු වන බැවින් රෝගි තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගි සතුන්ගෙන් වෙන් කර තබා ගැනීමට හැකි නම් බොහෝ දුරට මෙම රෝගය ව්‍යාප්තිය පාලනය කර ගත හැකිය.