27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාලගුණයෙන් ගර්භණී මව්වරුන්ට රතු එළියක්

කාලගුණයෙන් ගර්භණී මව්වරුන්ට රතු එළියක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ ගර්භණී මව්වරුන්ට වඩාත් ප්‍රවේශම් විය යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින්ගේ සංගමය පවසයි.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ගර්භණී මව්වරුන්ට විවිධ සංකූලතා ඇති කිරීමට අත වනන බැවින් වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බවයි ඔවුන් අවධාරණය කළේ.

එම සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවතින අධික උෂ්ණත්වය ගර්භණී මව්වරුන් කිරි දෙන මව්වරුන් ළදරුවන් සහ ළමුන් අතර විවිධ සංකූලතා, අධික හිසරදය, ක්ලාන්තය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් ඇය ඉල්ලා සිටින්නේ පරිසරයට නිරාවරණය වීම අවම කළ යුතු බවත් පිරිසුදු ජලය වැඩි වශයෙන් පානය කිරීමට පියවර ගත යුතු බව හා ස්වාභාවික යුෂ පානය කිරීමට පියවර ගතයුතු බවත්ය.