30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේ අතරමංව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේටයේ අතරමංව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි 52 දෙනෙක් අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු සහ කාන්තාවන් 35 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල් 230 දරණ යානයෙන් අද අලුයම දිවයිනට පැඉණ ඇති අතර කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී මෙරටට එවූ පස්වන කණ්ඩායම මෙයයි.