29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපසුගිය ආණ්ඩුවේ වැටීම කුමන්ත්‍රණයක් - නාමල් රාජපක්ෂ

පසුගිය ආණ්ඩුවේ වැටීම කුමන්ත්‍රණයක් – නාමල් රාජපක්ෂ

පසුගිය රජය බිඳවැටීම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීම සිදු කළේ රට ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසයි. අපි වැටුණේ නැහැ. අපේ වැටීම සැලසුම් කළා. එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් සියලු තීරණ මම අනුමත නොකළ නමුත් ඔහු අර්ථවත් තීරණ ගත්තා. විශේෂයෙන්ම කාබනික පොහොර හඳුන්වා දීමට ඔහු ගත් පියවර යහපත් චේතනාවෙන් ගත් තීරණයක්. ගොවි පුතෙකු ලෙස තම තීරණවලින් ගොවීන්ට කරදර කිරීමට අවශ්‍ය නැහැ.