― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමස්සිනාට සලකන්න කැඳවූ මිතුරන් දෙදෙනාට ගම්වාසින්ගෙන් ගුටි පූජාවක්

මස්සිනාට සලකන්න කැඳවූ මිතුරන් දෙදෙනාට ගම්වාසින්ගෙන් ගුටි පූජාවක්

පුද්ගලයෙකු තම මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බොරලැස්ගමුව පොලීසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි. ප්‍රදේශවාසීන්ගේ පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහරගම, දුම්රියපොළ පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙක්.

දීර්ඝ කාලයක සිට ඥාතීන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඔහුට පහරදීම සඳහා පුද්ගලයෙක් මහරගම සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචි තම මිතුරන් දෙදෙනෙකුට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් මඟින් දන්වා තිබෙනවා.

ඒ අනුව ඔවුන් සැලසුම්කර ඇත්තේ ඊයේ (23) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා පසුව බෝධිරාජපුර ක්‍රීඩාංගණයට ඥාති මස්සිනා රැගෙන විත් ඔහුට පහරදීමටයි. කෙසේ වෙතත් මෝදරගේ සුසිත් කුමාර නොහොත් ‘කට්ටා’ නැමැති පුද්ගලයා සමඟ තවත් දෙදෙනෙක් තම ප්‍රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා සූදානමින් සිටින බවට ප්‍රදේශවාසීන්ට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.

පසුව ඒ පිළිබඳව විමසීම සඳහා ඔවුන් තිදෙනා රැඳී සිටි ක්‍රීඩාංගණය තුළට ප්‍රදේශවාසීන් පිරිසක් ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව එහිදී ඇති වූ බහින්බස් වීම පසු ප්‍රදේශවාසීන් විසින් අදාළ පුද්ගලයින් තිදෙනාට තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, එහිදී ‘කට්ටා’ නැමැති පුද්ගලයා සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මිතුරා ඉන් මිදී පල්ගොස් තිබෙනවා.

මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් අතරට කොටු වූ මහරගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා පහර කෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේඉ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.