29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිණිපිරියට කැත වැඩක් කළ සීයා රිමාන්ඩ්

මිණිපිරියට කැත වැඩක් කළ සීයා රිමාන්ඩ්

වයස අවුරුදු 06ක සිය මිණිබිරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇයගේ සීයා එළඹෙන 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දැරිය තම සොහොයුරා සහ පියා සමඟ ගල්ලොලුව ප්‍රදේශයේ පිහිටි තම පියාගේ මහ ගෙදරට රාමසාන් උත්සවය සැමරීමට මීට දින කිහිපයකට පෙර පැමිණ තිබෙනවා.

එහිදී පසුගිය 21 වනදා රාත්‍රියේදී දැරිය නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටියදී සැකකාර සීයා විසින් ඇයව මෙලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය කාමරයේ සිට කෑගසන ශබ්දය ඇසී මුළුතැන්ගෙයි සිටි ඇයගේ මිත්තණිය පැමිණ දැරිය සීයාගෙන් බේරාගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත්තේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු 63 හැවිරිදි මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචි අයෙක්. දැරිය මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.