26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසරකදී හෙදියන් 700ක් රට හැර ගිහින්

වසරකදී හෙදියන් 700ක් රට හැර ගිහින්

2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ හෙද හෙදියන් 700 දෙනෙකු පමණ මෙරට හැර ගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ හෙද හෙදියන්ගෙන් 550 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත නිවාඩු ලබාගෙන වසර පහක කාලයක් සඳහා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී ඇති අතර දැනට පවතින දත්ත වාර්තා අනුව හෙද හෙදියන් 150 ඩෙනෙකු පමණ හෙද සේවය අතහැර විදෙස්ගතව ඇති බවයි.

කෙසේනමුත් මේ වනවිට හෙද සේවයේ පුරප්පාඩු දෙදහස් හාරසියයක් පමණ ඇති බවත් මෙම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (හෙද පාලන) චාමික ගමගේ පැවසීය.