28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ඇතින්නියන් දෙදෙනෙක්

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ඇතින්නියන් දෙදෙනෙක්

පාකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් ඇතින්නියන් දෙදෙනෙක් ත්‍යාගයක් වශයෙන් ප්‍රදානය කිරීමට නියමිත බව කොළඹ සිටින පාකිස්ථාන කොන්සල් ජනරාල්වරයා ඊයේ (23) ප්‍රකාශ කළා.

ඒ අනුව එක් ඇතින්නක් කරච්චි සත්වෝද්‍යානයටත් අනෙක් ඇතින්න ලාහෝර් සත්වෝද්‍යානයටත් තව නොබෝ දිනකින් පිටත්කර යැවෙනු ඇති.

කෙසේ වෙතත් කරච්චි සත්වෝද්‍යානයේ සතුන්ට නිසි අයුරින් අවශ්‍ය රැකවරණය නොලැබෙන බවට පාකිස්ථාන සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රබල හඬක් නඟා ඇති බැවින් මෙම ඇතින්නන් පරිත්‍යාග කිරීම කෙරෙහි ඔවුන් දැඩි විමසිල්ලකින් පසුවන බවද වාර්තා වනවා.