24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෝයාබෝංචි වගාවට චීනයේ අක්කර ලක්ෂ 16ක්

සෝයාබෝංචි වගාවට චීනයේ අක්කර ලක්ෂ 16ක්

මෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කර අස්වැන්න සහ ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ බලධාරීහු පවසති. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇත.

චීනයේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය විය.

මෙම වසරේ ප්‍රධාන ධාන්‍ය සහ තෙල්බෝග සඳහා මහා පරිමාණ ඒකක අස්වැන්න වැඩිදියුණු කිරීමට ද, චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ක්‍රියාකරනු ඇත. මේ යටතේ, සෝයාබෝංචි වගාකෙරෙන ප්‍රධාන කෝරළ 100 ක් කෙරෙහි අවධානය යොමුකෙරේ. ඒ අනුව, මේ වසරේ රට පුරා සෝයාබෝංචි අස්වැන්න සෑම අක්කරයකටම කිලෝග්‍රෑම් 30 කින් වැඩිකිරීම අපේක්ෂිත ඉලක්කයයි.