32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුණු සැර වැදීමෙන් ගවයින් 07ක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමෙන් ගවයින් 07ක් ජීවිතක්ෂයට

ඊයේ (24) සවස පැවති අධික වර්ෂාවත් සමග අකුණුසැර වැදීමෙන් දෙල් ගසක් යට සිටි එළ ගවයින් 07 දෙනෙකු එතැනම මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මැදගම අලම්මුල්ල ප්‍රදේශයට ඊයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නොතෙමූ සිටීමට දෙල් ගසක් යටට ගිය ගම්වාසීන් තිදෙනෙකුට අයත් එළ ගවයින් හත්දෙනෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙන අතර එහි ගැබ්බර ගව දෙනුන් දෙදෙනෙකු සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය ගවයින් සියලුම දෙනාම ප්‍රදේශවාසීන් එක්ව වලක් කපා මිහිදන් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ දිනවලදී සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග අකුණු සැර නිතර පොළවට පතිත වන නිසා සවස් කාලයේ ගමන් බිමන් පරිස්සමෙන් යායුතු බව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.