― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 119ක හිඟයක්!

අත්‍යවශ්‍ය ඖෂධ 119ක හිඟයක්!

මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය 119ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සැපයීම්) වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ එසේ වුවද රෝගීන්ට අවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14ම අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය සැපයුම් අංශයේ ඇති බවයි.

එම ජීවිතාරක්ෂක ඖෂධ වර්ග අතරින් ඖෂධ වර්ග 02ක් මෙරට නිෂ්පාදනය කර ඇති අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් 99%ක් ඖෂධ ගෙන්වීම සඳහා භාවිත කර තිබේ.

ඒ අනුව එම ණය යෝජනා ක්‍රමයෙන් ඖෂධ වර්ග තුන්සියයකට වැඩි ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. ලබන මැයි මාසය අවසන් වනවිට පවතින ඖෂධ හිඟය ඖෂධ හැටකට පමණ සීමා කර ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.