29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර උද්ධමන ලැයිස්තුවෙන් ලංකාව හැලෙයි

ආහාර උද්ධමන ලැයිස්තුවෙන් ලංකාව හැලෙයි

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

ලෝක බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව තුළ උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙනි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබයි.

පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ විවිධ ස්ථාන නියෝජනය කළේය.

මෙවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය සියයට 261කි. දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමිකරගෙන ඇති අතර එම රටවල උද්ධමනය පිළිවෙලින් සියයට 128 සහ 107 ක් වේ.