26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය මෙවර පවත්වනවා - අනුර

ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය මෙවර පවත්වනවා – අනුර

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය මෙවර පවත්වන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැයි සැමරුම මෙවර පස්වරු 4.00ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවැත්වෙන අතර පෙළපාළිය කොළඹ බී.ආර්.සී. පිටිය අසලින් පස්වරු 2.00ට ආරම්භ කෙරෙන බව ජවිපෙ නායකයා කීය.

එය පුරා ලක්ෂ ගණනක ජනතාවක් මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹට පැමිණීමට නියමිත බව ද හෙතෙම පැවැසීය.

ජනතාව මර්දනය කිරීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත, අධික බඩු මිල, බදු බර, ජීවන වියදම වැනි විශාල ප්‍රශ්න හමුවේ වැඩ කරන ජනතාව මේ මොහොතේ දැඩි පීඩාවට පත්ව ඇති අතර එම නිසාම මෙවර මැයි දින සැමරුම දැවැන්තම සහ විශේෂ රැලියක් වනු බව ඔහු සඳහන් කළේය.