25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ යකඩවලට කරන්න යන දේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරණ යකඩවලට කරන්න යන දේ

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති භාවිතයට නොගන්නා පැරණි යන්ත්‍ර සූත්‍ර සහ යකඩ විකිණීම සඳහා අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මීට පෙර පැවති ක්‍රමවේදය හරහා සිදුවී ඇත්තේ දේශීය සමාගම් කිහිපයක් විසින් ඉතා අඩු මිලකට මෙම යකඩ බෙදාගැනීමක් පමණක් බැවින් එය නැවැත්වීම සඳහා මෙම නව ක්‍රමවේදය ඉදිරියේදී අනුගමන කරන බවයි.

මේ සම්බන්ධයෙන් වන වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියම කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ආනයනය කර තිබෙන දුම්රිය මැදිරි සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විසින් සිදුකරන ප්‍රකාශ සත්‍ය නොවන බවත් එහි නිරවද්‍යතාවය සොයාබලා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍වයරයා එහිදී සඳහන් කළේය.