27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙදරු මවකට දිවි අහිමි වූ රිය අනතුර

දෙදරු මවකට දිවි අහිමි වූ රිය අනතුර

ගාලු පාරේ අම්බලන්ගොඩ නගර මධ්‍යයේ අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව තම දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ දරුවා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් කාන්තාව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස රාජකාරී කළ 38 හැවිරිදි ලකීෂා යසස්වි නැමති තැනැත්තියක්. ඌරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය යතුරුපැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අම්බලන්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.