32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාපැදි තරගයකදී හිතාමතා අනතුරක් කළ හමුදා සෙබළාට වැඩ වරදී

පාපැදි තරගයකදී හිතාමතා අනතුරක් කළ හමුදා සෙබළාට වැඩ වරදී

පාපැදි තරගයක් අතරතුර තරගකරුවෙක් තල්ලුකර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තවත් පාපැදි තරගකරුවෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.

යුද හමුදා පාපැදි කණ්ඩායමේ ක්‍රීඩකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම යුද හමුදා පාපැදි ක්‍රීඩකයා කොහුවල යුද හමුදා කඳවුරේ රාජකාරියේ නිරත සාමාන්‍ය සෙබළෙක් වන අතර, බරපතළ තුවාල ලබා ඇත්තේ එම යුද හමුදා කඳවුරේම සේවයේ නියතු කෝප්‍රල්වරයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 23 වනදා හිරණ – තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව පැවති පාපැදි තරගයක් අතරතුරදී තරගය අවසන් වීමට මීටර් 100ක් පමණ තිබියදී තරගයේ යෙදී සිටි සාමාන්‍ය සෙබළා, කෝප්‍රල්වරයාව අතින් තල්ලු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මාර්ගය ආසන්නයේ සිට තරගය නරඹමින් සිටි අවුරුදු 07ක කුඩා දරුවෙකුගේ ද ගැටී කෝප්‍රල්වරයා පාපැදියද සමඟ බිම ඇද වැටී ඇති අතර මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා පාපැදි ක්‍රීඩකයා සහ දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයිඅ අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.