27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගේ සහාය රනිල්ට

මගේ සහාය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම්, තමන්ගේ සහාය ඔහුට හිමිවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මේ දක්වා වත්මන් ජනාධිපතිවරයා, නැවත ජනාධිපති ධුරයට තරග වදින බව මේ දක්වා තහවුරු කර නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ රට ගොඩ දැමූ නායකයා බවත් කුමන දේශපාලන ප්‍රශ්න තිබුනද එතුමා යළි තරග වදින්නේ නම් තමන් ඔහුට උදව් කරන බවද බවව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මීට පෙර අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබුණේ පොහොට්ටු පක්ෂයේ තරුණ පෙළ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට වන මතයක සිටින බවයි.