31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතුයි

මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතුයි

මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතු බවත් පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම විවාදයකට එන්නැයි ජවිපෙ අනුර කුමාර දිසානායකට හෝ විජිත හේරත්ට ආරාධනා කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මබ්ත්‍රීවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන වෙලාවේ අනුර කුමාර දිසානායක මීගමුව වටලන්න කතා කරන බවත් වැටලිය යුත්තේ මීගමුව නොව ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ඊබ්‍රහිම් නානාගේ ගෙදර බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීම හිරිකිත වැඩක් බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.