26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුණුපොතෙන් හඳුනාගෙන නිවසටම ඇවිත් හදි කරලා

මුහුණුපොතෙන් හඳුනාගෙන නිවසටම ඇවිත් හදි කරලා

වයස අවුරුදු 15ක වයසැති බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය ඊයේ (24) නියෝග කළා.

දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකාර තරුණයා අදාළ බාලවයස්කාර 15 හැවිරිදි දැරිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති අතර පසුව දැරියගේ ඉල්ලීම මත තරුණයා මාතර ප්‍රදේශයේ සිට දිවුලපිටියට ප්‍රදේශයට ඇයව මුණගැසීමට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. එලෙස පැමිණි තරුණයා දැරිය හමුවී ඇය පදිංචිව සිටි කිරි අම්මාගේ නිවසට ගොස් දින කිහිපයක්ම එම නිවසේ රැඳී සිට ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

තම දියණිය නාඳුනන තරුණයකු සමඟ ඇයගේ කිරි අම්මාගේ නිවසේ රැඳීසිටින බවට දැරියගේ මවට ලද තොරතුරක් මත මව විසින් ඒ පිළිබඳව දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු ඊයේ (24) දින මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ. ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මව භාරයේ පසුවන බවට ද අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණය වුණා.

දැරියගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවත් මව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් දැරිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කිරි අම්මා භාරයේ හැදී වැඩී ඇති බවයි වාර්තා වුණේ.