27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර වෙසක් දන්සල් අඩුවෙයි!

මෙවර වෙසක් දන්සල් අඩුවෙයි!

මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පවත්වන දන්සල්වල විශාල අඩුවීමක් අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ දන්සල් පැවැත්වීම ගැන ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත කිසිවකුත් දැනුම් දී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.

මෙවර වෙසක් දන්සල් ගැන අපෙන් විමසීම් කරන්නෙ නැති තරම්. බොහෝමයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට මෙතෙක් දන්සල් ගැන දැනුම් දී නැහැ. මේ නිසා මෙවර දන්සල් විශාල වශයෙන් අඩුවෙයි කියා බලාපොරොත්තු වෙනවා. දන්සල් පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් සුපුරුදු පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් ලිඛිතව ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන දැනුම් දුන් පසු අපි එතැනට ගිහින් ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් දෙනවා. දන්සල් පවත්වන දිනයන්හිත් ඒ ඒ ස්ථාන පරීක්ෂා කරන්නත් ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් බලාපොරොත්තු වෙනවා.