වසර 14කට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින් වාර්තා වී තිබෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කලුබෝවිල සඳහන් කළේය.
බේරුවල නගර සභා බල ප්‍රදේශයට අයත් චීන කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ලියාකන් නැමැති (37) හැවිරිදි විවාහක දෙදරු පියකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වැනිදා යළි මෙරටට පැමිණ ඇති අතර එතැන් සිට නිවසේ ගත කර උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් අප්‍රේල් 14 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කෙ වී තිබේ.
ඔහු රෝහලට ඇතුළත් කළ දිනට පසුදා එනම්, අප්‍රේල් 15 වැනිදා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ. රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියා රෝගය වැළඳී ඇති බවයි.
විදෙස් රටක සිට පැමිණි මෙම පුද්ගලයා නිවසට පැමිණ නිවසේ ගත කිරීම නිසා ඔහුගේ නිවැසියන්ට හා අසල්වාසීන්ට රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂාවට ලක් කරන බවයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තබ කලුබෝවිල පැවසුවේ.
මේ වනවිට කළුතර මැලේරියා මර්දන ව්‍යාපාරයෙ වෛද්‍යවරයෙක් ඇතුළු කණ්ඩායමක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව කීට විද්‍යා සමීක්ෂණ ඇතුළු පරීක්ෂණ බේරුවලදී සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.
2009 වසරෙන් පසුව මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.