28.4 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර විකුණූ වෙළෙඳුන් 05කට දඩ

වැඩි මිලට බිත්තර විකුණූ වෙළෙඳුන් 05කට දඩ

පසුගිය උත්සව සමයේදී බිත්තර සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න සදහන් ‍කළේ බදුල්ල, වැළිමඩ සහ බණ්ඩාරවෙල අධිකරණයන් වෙත ඉදිරිපත් කළ ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට මෙසේ දඩ නියම වී ඇති බවයි.

මෙම ව්‍යාපාරිකයින් පස් දෙනාට අමතරව නඩු පවරා ඇති තවත් ව්‍යාපාරිකයින් තිස් පස් (35) දෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම, බිත්තර සඟවා තැබීම, සන්තකයේ තබාගෙන නැතැයි පැවසීම ආදී වැරදි මත මෙම ව්‍යාපාරිකයින් හතලිස් (40) දෙනා බදුල්ල දිස්ත්‍රික්කය තුළදී සිදුකළ වැටලීම්වලදී නීතියේ රැහැනට කොටු කරගෙන තිබුණි.