32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට අනුමැතිය

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට අනුමැතිය

1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනතට සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස විදේශ රැකියා ව්‍යාපාරයට ඇතුළුවී ඇති පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට, උප නියෝජිතයින් මගින් විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය නියාමනය කිරීමට සහ විදේශ රැකියා ක්ෂේත්‍රය හා විගමනික ශ්‍රමිකයන් අනතුරට පත් කෙරෙන අක්‍රමිකතා හා දුෂණ අවම කිරීමට හැකිවන පරිදි නව විධි විධාන හඳුන්වා දීමට යෝජිත සංශෝධන මගින් සිදුවනු ඇති.