29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දුම්රිය ස්ථාන ආශ්‍රිත නව පාපැදී ව්‍යාපෘතියක්

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දුම්රිය ස්ථාන ආශ්‍රිත නව පාපැදී ව්‍යාපෘතියක්

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දුම්රිය ස්ථාන ආශ්‍රිතව නව පාපැදි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී  ඇත්තේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින්.

ජාතික ප්‍රවාහන කොමිසම මගින් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන ලේකම්වරයාට කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නා.