― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ගැන රතු එළියක්

සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ගැන රතු එළියක්

පශු පාලනයේදී සතුන්ට අසීමිතව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී අප රටේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේන් ප්‍රතිඵලයක් නොලැබෙනු ඇති බව පශු ඖෂධ නියාමන අධිකාරිය අනතුරු අඟවනවා.

ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි පශු ඖෂධ නියාමණ අධිකාරිය පෙන්වා දෙන්නේ. බොහෝ විට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මඟින් ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බව පශු ඖෂධ නියාමණ අධිකාරිය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධවල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී යන බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා බවයි පශු ඖෂධ නියාමණ අධිකාරිය අවධාරණය කළේ. මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඇතැම් පශු ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අප රට තුළ ම නිපදවා ගත හැකි පහසුකම් තිබියදීත් ඒවා ආනයනය කිරීම මගින් විශාල මුදලක් විදේශවලට ඇදී යාම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවත් දැනට අප රටේ තිබෙන එම කර්මාන්ත 30ක් පමණ තිබෙන අතර එමගින් එම ද්‍රව්‍ය නිපදවීමට පියවර ගැනීම සඳහා එම කර්මාන්තශාලා හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙනවා.

දැනට වෙළෙඳ පොළේ තිබෙන සත්ව සනීපාරක්ෂක ද්‍රව්‍යවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වැඩ පිළිවෙළක් සැකසීමටත්, ඇතැම් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එම මිල ගණන් සාධාරණ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර පශු ඖෂධ නියාමණ අධිකාරියට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු ඖෂධ නියාමණ අධිකාරිය හා එම පනත බලාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.