රත්ගම සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය බස් රථයකට දළ ඇතකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලූම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ
ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇති බව සඳහන්.
කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප්රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවත් සඳහන්.