31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහර්තාලය අතරතුර ධාවනයේ යෙදුණු ලංගම බස් රියට ගල් ප්‍ර+හාරයක්

හර්තාලය අතරතුර ධාවනයේ යෙදුණු ලංගම බස් රියට ගල් ප්‍ර+හාරයක්

මුලතිව් සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද (25) උදෑසන කාලයේදී මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේදී එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය.

ලංගම බස්රථය අද අලුයම මුලතිව් සිට ඒ-30 මාර්ගය ඔස්සේ යාපනය දක්වා ධාවනය වූ අවස්ථාවේදී සෙල්වපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට බස් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.

ගල් ප්‍රහාරය හේතුවෙන් බස්රථයේ ගමන් ගත් මගීන්ට හානියක් සිදු නොවුනද රියදුරුට පමණක් සුළු තුවාල සිදුව ඇති අතර ඒ පිළිබඳව මුලිතව් පොලීසියට දැනුම්දීමට බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පියවර ගන්නා ලදි. අනතුරුව මුලතිව් පොලීසියේද ආරක්ෂාව යටතේ ලංගම බස් රථ ධාවනයට සිදුකෙරුණි.

කෙසේ වෙතත් මුලතිව් දිස්ත්‍රීක්කය ඇතුළු උතුරු පළාතේ ක්‍රියාත්මක හර්තාලය අතරතුර බස් ධාවනයට විරෝධය පෑ කිසියම් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ගල් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

උතුරු පළාත පුරා හර්තාලය ක්‍රියාත්මක වුවද උතුරේ පෞද්ගිලක බස් සියල්ලක්ම ධාවනයෙන් ඉවත් වී තිබුනද මුලතිව් මෙන්ම සෙසු දිස්ත්‍රීක්ක වන වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි ලංගම බස්රථ ධාවනය සිදුකෙරෙයි.