― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඇතැම් පළාත්වල පාසල් ආහාරය ගැන ගැටලු මතුවෙලා

ඇතැම් පළාත්වල පාසල් ආහාරය ගැන ගැටලු මතුවෙලා

බස්නාහිර පළාතේ හැර සෙසු සියලු පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයීම නතර වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (26) පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

සැපයුම්කරුවන්ට මුදල් සැපයීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම වැඩසටහන නතර වී ඇති බවත් ලෝක බැංකු අරමුදල ආහාර සැපයුම්කරුවන්ට මේ වර්ෂයේ පෙබරවාරි, මාර්තු මාසවලට අදාළව රුපියල් කෝටි 87 ක මුදලක් ගෙවීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

සමහර පළාත්වල පාසල් ආහාරය සම්බන්ධයෙන් ගැටලු මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දකුණු පළාතේ පෙබරවාරි මාසේ ඉඳලා ආහාර සැපයුම් කරුවන්ට ගෙවීම් කරල නෑ. පෝෂණ වැඩසටහන සඳහා මිලියන දහසය දහසක මුදලක් පළාත් සභාවලට අයවැයෙන් වෙන්කරනු ලැබුවා. පෙබරවාරි මාසේ මිලියන 61 ක් ගෙවලා තියෙනවා. 2021 සියලු හිඟ ගෙවීම් ඉවර කරලා තිබුණා. පළාත් නවයේ පෙබරවාරි මාර්තු මුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 875ක්. ලෝක බැංකු අරමුදලෙන් ඒ මුදල ඉදිරියේදී ගෙවනවා. ඒ නිසා එම ආහාර සැපයීමේ වැඩපිළිවෙළ නතර වන්නේ නැහැ. ඒක දිගටම යනවා.