32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

එජාපයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම මැයි 01 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැමරීමට කටයුතු යොදා ඇති බව එජාපයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මෙවර මැයි දිනයේ තේමාව වන්නේ ‘ජයගමු’ යන්නයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා ඒ සඳහා එක්වන බවයි.