― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

සිංහල අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බොහෝ එළවළු සහ පළතුරු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ගොවීහු චෝදනා කරති.

මේ වනවිට එළවළු පළතුරු සියල්ලේම තොග මිල විශාල වශයෙන් පහත වැටී එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන පිටස්තර වෙ‌ළෙඳුන්ගේ පැමිණීමද 75%කින් පමණ අඩුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක් රුපියල් 80 – 100ත් අතර මුදලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 90 – 110ත් අතර මුදලකටත්, කැරට් කිලෝවක් රුපියල් 90 – 110ත් අතර මුදලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 70 – 80ත් අතර මුදලකටත්, කැකිරි කිලෝවක් රුපියල් 30ක් වැනි මුදලකටත් අලෙවි වී තිබේ.

තවද නෝකෝල් කිලෝවක් රුපියල් අසූ 85ක් වැනි මුදලකටත්, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30ක් වැනි මුදලකටත්, මෑකරල් රුපියල් 50 – 70ත් වැනි මුදලකටත්, වැටකොළු බණ්ඩක්කා පතෝල කරවිල ආදී එළවළු වර්ග රුපියල් 100ක් 120 අතර මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවයි ගොවීන් පවසන්නේ.